අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම අනුව රටේ ගොවි ජනතාවගේ වී අස්වැන්න සඳහා වැඩි මිලක් ලබා දීම සඳහා වන වැඩ පිලිවෙලට සමගාමීව වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් මණ්ඩලය සතු ගබඩා කඩිනමින් අළුත්වැඩියා කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත භාර දී ඇත. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් 2020.01.24 වන දින ශ්‍රී ලංකා යුධ හමුදාවේ බ්‍රිගේඩියර් ගනේගොඩ මහතාගේ සහභාගීත්වයෙන් වී අලෙවි මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී වි අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජේ.ඩි.මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර මේ අවස්ථාව සඳහා වි අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්), ගණකාධිකාරී, අභ්‍යන්තර විගණක, නීති නිලධාරී සහ වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමණාකාර යන මහත්ම මහත්මීන්ද සම්බන්ධ විය.