යල කන්නයේ වී වලට හොඳ කලක්
මෙම යල කන්නයේ සහතික මිලට වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන මේ වන විට වී අලෙවි මණ්ඩලය ආරම්භ කර ඇත.
මෙම වැඩසටහන යටතේ මෙවර යල කන්නයේ වී අස්වනු මෙට්‍රික් ටොන් 2,00,000ක් මිලදී ගැනීමට රජය අපේක්ෂා කරන
අතර ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් රාජ්‍ය බැංකු හරහා වී අලෙවි මණ්ඩලය වෙත මහා භාණ්ඩාගාරය විසින් ලබාදීමට දැනටමත්
පියවර ගෙන ඇත.
නව රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව පසුගිය මහ කන්නයේදී ගොවීන්ට වී අස්වනු සඳහා ඉහළ මිලක් ලබාදෙමින්
ප්‍රමිතියෙන් යුතු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50ක රජයේ සහතික යටතේ මිලදී ගත් අතර මෙවර යල කන්නයේදී දිස්ත්‍රික් 19ක් තුළ
විවෘතව පවතින වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා මගින් එම සහතික මිල යටතේම වී මිලදී ගැනීම සිදුකරමින් පවතී.
පෙර පස් වසර තුළ රජයේ සහතික මිල නාඩු වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 38ක් සහ සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 41ක් විය.
නව රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබාදීමට කටයුතු කළ අතර එම
මිලටම මෙම කන්නය තුළින් ද තම අස්වැන්න අලෙවි කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.
මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය, ගොවිජන සේවා සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ
දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන අතර ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
මෙම වී මිලදී ගැනීමේ ප්‍රධාන මූල්‍ය සැපයුම්කරුවන් වශයෙන් කටයුතු කරනු ලැබේ.
ගොවීන්ගේ වී අස්වනු සඳහා අලෙවි වන මිල අනපේක්ෂිත ලෙස පහළ යන්නේ නම් ඒ සඳහා මැදිහත්ව රජයේ සහතික මිලට ගැනීමට කටයුතු කිරීම
වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන අරමුණයි. ඒ අනුව විශේෂිත ක්‍රමවේද තුනක් ඔස්සේ වී අලෙවි මණ්ඩලය මෙම කන්නය තුළ අස්වනු මිලදී ගැනීම සූදානම් කර ඇත.
* සෘජුවම ගබඩා වෙත ප්‍රමිතියෙන් යුතු වී මිලදී ගැනීම
* තෙත වී ප්‍රමිතියකට සකස් කළ හැකි නියෝජිතයකු හරහා මිලදී ගැනීම
* දුෂ්කර ප්‍රදේශවල වී නියෝජිතයකු හරහා මිලදී ගැනීම
මේ වන විටත් අස්වනු ලැබෙන බොහෝමයක් ප්‍රදේශවල වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කර පැවැතීම නිසා එම ප්‍රදේශවල රජයේ සහතික මිල
ඉක්මවා ඉහළ මිලකට පෞද්ගලික වෙළෙඳුන් මිලට ගැනීම නිසා ගොවි ජනතාවට ඉතා හොඳ තත්ත්වයක්ව ඇත. විශේෂයෙන් වී අලෙවි මණ්ඩලය
සහ සුළු, මධ්‍ය මහා පරිමාණ වී මෝල් අතර ඇතිව තිබෙන්නා වූ තරගකාරී පරිසරය නිසා වී සඳහා අස්වනු සමය තුළ මෙසේ ඉහළ මිලක් නිර්මාණය
වීමට හේතුවී තිබේ.
පසුගිය මහ කන්නයේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉතා ප්රශස්ත මට්ටමක පැවැතීම හේතුවෙන් වී ගොවීන්ට තම අස්වනු
සඳහා ඉතා හොඳ මිලක් ලබාගැනීමට හැකිවිය. රජය විසින් මහ කන්නයේ වී මිලදී ගැනීමේදී ක්‍රියාත්මක කළ විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක් ඒ සඳහා
සෘජුවම බලපා තිබේ. එනම්,
* වසර පහකට පසු එනම් වගා කන්න දහයකට පසු වී සඳහා පැවැති සහතික මිල රුපියල් 38 සහ 41 සිට රුපියල් 50 දක්වා ඉහළ දැමීම තම
නිෂ්පාදන වියදම ඉහළ ගිය මුදලට සාපේක්ෂව ගොවීන්ට ඉතා ප්‍රමාණවත් මිලක් ලබාදීමට රජය කටයුතු කර තිබීම විශේෂ කරුණක් විය.
2015/16 වසරවලට සාපේක්ෂව වී සඳහා වන නිෂ්පාදන වියදම ඉහළ ගොස් ඇති බැවින් මෙම වැඩිකිරීම ඉතා සාධාරණ එකක් වී ඇත.
* එසේම එක් ගොවියකුගෙන් මිලදී ගනු ලැබූ වී ප්‍රමාණය කිලෝග්‍රෑම් 2000 සිට කිලෝග්‍රෑම් 5000 දක්වා ඉහළ නැංවීම
* වී අස්වනු නෙළන අවස්ථාවේ ගොවීන් මුහුණදෙන වීවල පවතින තෙතමනය ප්‍රදාන ගැටලුවක් වන බැවින් තෙතමනය සහිත වී ලැබීම
නිසා සිදුවන සැලකිය යුතු මිල පහළ යාම අවම කිරීමට තෙතමනය 22% දක්වා වූ වී සඳහා රු.44ක මිලක් හඳුන්වාදීම සහ රාජ්‍ය මැදිහත්වීම
තුළ එම මිලට මිලදී ගැනීමට කටයුතු කිරීම.
* වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය ඉතාමත් සැලැසුම් සහගත නියමිත අවස්ථාවේ ආරම්භ කිරීමට හැකි වීම.
* මුදල් අමාත්‍යාංශය නිසි වේලාවට මුදල් ලබා දීමට කටයුතු කිරීම.
* මිල දී ගැනීම් සඳහා අත්‍යවශ්‍යය ගබඩා පහසුකම් යුද හමුදාවේ සහාය ඇතිව ඉතාමත් ඉක්මනින් ප්‍රතිසංස්කරණය කර ගැනීමට හැකි වීම.
* සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා සහන පොලියට ණය ලබා දීමට කටයුතු කිරීම.
මෙසේ හඳුන්වාදෙනු ලැබූ නව වැඩපිළිවෙළවල් කිහිපයක් නිසා අස්වනු සමය තුළ අන් කිසිදු වසරකටත් වඩා වෙනස් ආකාරයෙන් තරගකාරී ලෙස
මිල මට්ටම්වල ඉහළ යාමක් දක්නට ලැබීම විශේෂිත කරුණක් විය. විශේෂයෙන් ඉතා ඉහළ අස්වැන්නක් ලද මහ කන්නය තුළ ගොවීන්ට ඉහළ මිලකට
වී අලෙවි කර ගැනීමට හැකි වීම මෙම සියලු ක්‍රියාවන්ට ප්‍රතිඵලය විය.
මෙම යල කන්නයේ දී ද අස්වනු ලැබෙන සියලු වී නිෂ්පාදන ප්‍රදේශවල වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කර පැවැතීම නිසා එම ප්‍රදේශවල රජයේ
සහිතක මිල ඉක්මවා ඉහළ මිලක් තීරණය වී තිබීම ගොවි ජනතාවට ඉතා හොඳ තත්ත්වයක්ව ඇත. වසර ගණනාවකට පසු වී අලෙවි මණ්ඩලය තුළින්
රජය සහ සියලු පාර්ශ්වයන් ඔවුන් අපේක්ෂා කළ අරමුණු සිදු කිරීමට හැකි වීම ඉතා සතුටුදායක තත්ත්වයකි.
වී ගොවිතැන් සඳහා අවශය ජලය, පොහොර සහ තවත් සේවා රජය නොමිලයේ ලබා දෙමින් රජය විශාල ආයෝජනයක් සෑම වසරකම වී වගාව
වෙනුවෙන් සිදු කරනු ලබයි. මෙම තත්ත්වය තුළ රජයේ පොහොර සහනාධාරය ලබාගෙන හෙක්ටයාර් එකක් හෝ ඊට වැඩියෙන් වී වගා කොට ඇති
ගොවියන්ගෙන් අවම වශයෙන් වී කිලෝග්‍රෑම් 1000ක ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයට රජයේ සහතික මිලට ලබා දෙන ලෙස වී අලෙවි මණ්ඩලය
මෙම යල කන්නයේ දී ඉල්ලීමක් කර ඇත. එය ජාතික වගකීමක් ලෙස කටයුතු කරන මෙන් සියලු ගොවි ජනතාවගෙන් රජය වෙනුවෙන්
වී අලෙවි මණ්ඩලය ඉල්ලීමක් කොට ඇත. මෙම යල කන්නය තුළ මෙය අනිවාර්ය කර නොමැති නමුත් ගොවි ජනතාවට ද සමාජ වගකීමක් ඇත.
මෙම කාර්ය සඳහා ගොවිජන සේවා කොමසාරිස් සහ දිසාපතිවරුන්ගේ සහ ග්‍රාමීය මට්ටමේ නිලධාරීන්ගේ සහයෝගය ලබා ගනු ඇත. මෙම
වී කිලෝ දහසක ප්‍රමාණය වී අලෙවි මණ්ඩලය මෙම කන්නය තුළ ක්‍රියාත්මක කොට ඇති වී ගැනීමේ ඕනෑම ක්‍රමයකට ලබා දිය හැකිය. එනම් සෘජුවම
ගබඩා වෙත ප්‍රමිතියෙන් යුතු වී මිල දී ගැනීම, තෙත වී ප්‍රමිතියට සකස් කළ හැකි නියෝජිතයකු හරහා මිල දී ගැනීම සහ දුෂ්කර ප්‍රදේශවල වී
නියෝජිතයකු හරහා මිල දී ගැනීම යන තමන් කැමැති ආකාරයට ලබා දිය හැකිය.
මෙය සාර්ථක වීම තුළ ඉහළ වී ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වීම තුළින් වී අලෙවි මණ්ඩලයේ අනෙක් ප්‍රධාන අරමුණ වන රට තුළ ආරක්ෂිත වී
තොගයක් පවත්වා ගැනීම මගින් සහල් මිල ඉහළ යන අවස්ථාවල දී පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට සහල් ලබා දීමේ කාර්ය වඩාත් ඵලදායී
ලෙස කළ හැකි වනු ඇත.
අරුණ පුවත්පත ප්‍රවීණ කෘෂි ආර්ථික විශ්ලේෂක හා වී අලෙවි මණ්ඩලයේ උපසභාපති ඩබ්ලිව්.එච්.දුමින්ද ප්‍රියදර්ශන මහතා සමඟ
සිදුකල සාකච්ඡාවකින් උපුටා ගන්නා ලදී.
හිරු රශ්මියෙන් වී වේලීමේ අළුත් ක්‍රමයක්
වී අලෙවි මණ්ඩලයේ සභාපති, ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතාගේ සංකල්පයක් මත මේ වන විට වී අලෙවි මණ්ඩලයේ ගබඩා ආශ්‍රිතව හිරු රශ්මිය භාවිතයෙන් වී වේලීමේ යන්ත්‍ර සවිකර ඇත. ඒ පිලිබඳව ලංකාදීප පුවත්පතේ 2020.08.02 වන දින තක්සලාව අතිරේකයේ පල වූ ලිපිය.
Sunday Times පුවත් පතෙහි ඉංග්‍රීසි බසින් පල වූ ලිපිය සඳහා මෙතනින් පිවිසෙන්න.
http://www.sundaytimes.lk/200726/business-times/convective-sun-dryer-from-pmb-to-farmers-410580.html
රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහනට ගොවීන්ගේ ප්‍රසාදය
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි ගොවීන්ගේ වී අස්වැන්න සහතික මිලට රජය විසින් මිලදී ගැනීමේ ප්‍රතිපත්තිය ප්‍රකාරව වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධව ජාතික රූපවාහීනී සේවයේ ප්රවෘත්ති විකාශනයේදී ගොවීන් දැක්වූ අදහස්.
2020.02.06 වන දින ජාතික රූපවාහිනී රාත්‍රී 08 ප්රවෘත්ති විකාශයේ අදහස් දැක්වීම
වී අලෙවි මණ්ඩලයේ නව උප සභාපතිතුමා වැඩ භාරගැනීමේ අවස්ථාව
වී අලෙවි මණ්ඩලයේ නව උප සභාපති ලෙස ඩබ්ලිව්.එච්. දුමින්ද ප්‍රියදර්ශන මහතා 2020.02.13 වන දින ප්‍රධාන කාර්යාලයේදී නව උප සභාපති ධූරයේ වැඩ භාර ගන්නා ලදී. මේ අවස්ථාව සඳහා වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහත්මා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) - එස්.එම්.සමන් පාලිත බණ්ඩාර මහත්මා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්/ වැ.බ පරිපාලන) - මනෝජ් ජයවීර මහත්මා, නීති නිළදාරී - නිසංසලා කේ. දිල්හානී මහත්මිය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නිලධාරීන්ද ප්‍රධාන කාර්යාලයේ සේවක පිරිසද සහභාගී විය.
2019/2020 මහ කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධව වී අලෙවි මණ්ඩලයේ ගබඩා භාර නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන
2019/2020 මහ කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධව වී අලෙවි මණ්ඩලයේ ගබඩා භාර නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන
වී අලෙවි මණ්ඩලයේ ගබඩා භාර නිලධාරීන් හා ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් 160 ක පමණ ප්‍රමාණයක් සහභාගී කරවමින් එලඹෙන 2019/2020 මහ කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩ සටහනක් 2020.01.31 වන දින ජාතික සමූපකාර සංවර්ධන ආයතනය - පොල්ගොල්ලහිදී පැවැත් වීය.
මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂන් රණසිංහ මහතා සහභාගී වූ අතර එම අමත්‍යාංශයේ ලේකම්, වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්/ වැ.බ. පරිපාලන), ප්‍රාදේශීය කලමණාකරුවන්, සහකාර ප්‍රාදේශීය කලමණාකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ වැඩසටහන සඳහා සහභාගී විය.
මෙහිදී වී මිලදී ගැනීමේ කටයුතු සිදුකිරීමේදී ඒ සඳහා සුදානම් වීම, ක්ෂේත්රයේදී නිලධාරීන් මුහුණ දෙනු ලබන ගැටළු සහ එම ගැටළු සඳහා පිලියම් සාකච්ඡා කරන ලදී.